මනෝරාණි අම්මා මියගියාට රිචර්ඩ් සොයිසාගේ හඩ නවත්තන්න බැහැ සන්ධ්‍යා එක්නැළිගොඩ මළත් ප්‍රගීත් එක්නැළිගොඩ ගේ හඩ නවතින්නෙත් නැහැ.අසාධාරණ අන්දමින් දසවධදී මරදැමූ අපේ රටේ කෘතහස්ත මාධ්‍ය වේදින්ගේ හඩ පාලකයන් විසින් අමානුෂික ලෙස නිහඩ කලත් ඔවුන් නැගූහඩ කිසිලෙසකින් වත් නතර නොවන්නේ යැයි සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය 30ස් වනදා කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රධාන ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අයිතිය උදෙසා මාධ්‍ය වේදින්ගේ සංවිධානය විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබූ අතර ජනවාරි 24 වනදාට යෙදී ඇති අතුරුදහන් වූවන්ගේ දිනය සමරමින් මෙම මාධ්‍ය හමුව කැදවා තිබිණි. සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය කළු ජනවාරියේ සැමරුම් අතරට එක්වන සියසැමියා ඇතුළු මෙතෙක් අතුරුදහන් වූ මාධ්‍ය වේදින් සිහිපත් කරමින් මෙසේද පැවසීය.
ඉකුත් 2010 ජනවාරි මස 24වනදා ප්‍රගීත්ව පැහැරගෙන ගිහින් අතුරුදහන් කෙරේ.භීෂණය මවලා පෙන්නලා බිල්ලො මවලා පෙන්නලා රටේ අසාධාරණයට එරෙහිව කතාකරපු ලියපු මාධ්‍ය වේදින්ගේ හඩ නිහඩ කරා.එදාමෙදාතුර වරින්වර බලයට පත් උනු කිසිම රජයක් අතුරුදහන් කර මරා දැමූ අපේ රටේ කිසිම මාධ්‍යවේදියෙකු වෙණුවෙන් මෙතෙක් නීතිය ඉෂ්ඨ කරලා නැහැ.ඉෂ්ඨ කරන්නෙත් නැහැ.
මේ වෙන විට පාර්ලිමේන්තු බෙදි බලහත්කාරයෙන් සම්මත කර ගත්ත ඔන්ලයින් පනතින් සිද්ධ කරන්න යන්නෙත් මාධ්‍ය වේදින්ට මුඛවාඩම දාන්න මිස වෙන දෙයකට නෙවි.අනිත් සෑම නඩුවක්ම කඩිනමින් ඇසූවත් අතුරුදහන් වූ මාධ්‍ය වේදීන් සම්බන්ධය නඩු ඇසීම වසර දහයක් පහළොවක් ප්‍රමාද වෙන්නෙ ඇයි කියන එක රටේ ජනතාවට රහසක් නෙවි.

ස්ථීර ත්‍රීපුද්ගල මහාධිකරණයක් ස්ථාඵිත කලේ කඩිනමින් නඩු අහලා අසාධාරණයට ලක්වූවන්ට නීතියේ සාධාරණය ඉෂ්ඨ කරන්න කියලයි එදා කිව්වෙ.
2019ඉදලා පහුගිය 2023 ගෙවුනු කාලය මුළුල්ලේම මම ස්ථිර ත්‍රීපුද්ගල මහාධිකරණයට බඩගෑවා ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍ය වේදියාට සාධාරණය ඉල්ලලා.කියන්න කණගාටුයි මම හොයපු ඒ යුක්තිය සාධාරණය මෙතෙක් මට පේන මානයේ වත් නැහැ.ඒ වගේම අපේ රටට,අප්‍රමාණ සේවයක් පන්හිදෙන් කැමරාවෙන් ඉටුකල අතුරුදහන් වූ කිසිම මාධ්‍ය වේදියෙකුට නීතියෙන් මෙතෙක් සාධාරණය ඉටුවී නැහැ.
ඒකට හේතුව තමයි මේ අතුරුදහන් වීමේ රහසට සම්බන්ධ පිරිස පිලිබදව අනන්‍යතාවය හෙළිකිරීම ගැටළුවක් වීම. නඩුවකින් තීණ්දු නොවුනත් දේව නීතිය බලවත් බව නායකයන් පිලිගත යුතු සත්‍යක්. මම පාර්ලිමේන්තුව ඉස්සරහ කාලිමෑණියන්ට පොල්ගහලා කරපු දේව කන්නලව්වට නිසි පිලිතුරු මේ වන විට ලැබී තිබීම සතුටක් යැයි සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය පැවසීය .

අයිතිය උදෙසා මාධ්‍ය වේදින්ගේ සංවිධානය නියෝජනය කරමින් නීතීඥ දුලාන් දසනායක ජනූර් කිචිලන් කමල් විජේහේවා,නිමල් අබේසිංහ ඇතුළු නියෝජිතයන් මෙහිදී අදහස් දැක්වීය.මාධ්‍ය හමුව අවසානයේදී අතුරුදහන් වූ මාධ්‍ය වේදීන් සිහිකිරීමටද කාලය වෙන්කලේය.

කැලණිය කේ. එස්. හැන්නදි

Similar Posts