ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් පස් දෙනකු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එරට කොංග්රස් සභාවට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රි ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 32 ක ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජනපද කොන්ග්රසය තුළ සිටින එල්ටීටීඊ හිතවාදී කල්ලියකගේ බලපෑම මත ගෙන ආ යෝජනාවක් ලෙස පෙනී යන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි.
සනාථ නොකරන ලද, පදනම් විරහිත සහ අමූලික අසත්‍ය කරුණු සහ එම යෝජනාවේ අභිප්‍රාය පිළිබඳව බරපතල සැක මතු කරන චෝදනා අඩංගු වන බැවින් ඊට ශ්‍රී ලංකා රජය මෙම විරෝධය පළ කරන බවද විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.