ඉදිරියේ පැවැත්විමට නියමිත මැතිවරැණයේදි හැටන් දික්ඔය නගර සභාවේ පාලන බලය ලබා ගෙන හැටන් දික්ඔය බල ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දිමට පියවර ගන්නා එහි හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි.

ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු නන්දකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

මෙම නගර සභාවේ සභාපති, උප සභාපති, මෙන්ම නාගරික මන්ත්‍රිවරයකු, ලෙස 1991 සිට කටයුතු කර තියෙනවා මා සභාපති ලෙස කටයුතු කරන විට උදැසන 5.00 පමන වන විට හැටන් නගරයේ පවතින කසල ඉවත් කර නගරය සුද්ධ පවිත්‍ර කිරිමට පිරිස් යොදවා එය නිසි ලෙස සිදුවනවාද යන්න සොයා බැලිමට මාද නගරයට යනවා.

ඒ අනුම එම පිරිස් නිසි ලෙස උදැසන වන විට නගරය පිරිසිදු කිරිමේ කටයුතු නිසි ලෙස සිදු කලා එත් අදවන විට උදැසන නොවෙයි දහවල් වන විටත් නගරයේ තැන තැන කසල පිරිලා මෙම තත්වයන් මත මෙම නගරයට පැමිනෙන විවිධ පිරිස් දැඩි අපහසුතාවයන්ට පත් වෙනවා.

එමෙන්ම මේ වන විට මෙම නගර සභාවේ සමහර පිරිස් නිසි ලෙස සේවය නොකරන බවත් සමහර පිරිස් අල්ලසට දුෂනයට යටවි ඇති බවත් බොහෝ පිරිසක් පවසනවා සමහර කම්කරුවන් පවා කඩවල නිවාසවල එකතුවන කසල රැගෙන යාමට පවා මුදල් ලබා ගන්නා බවටත් විවිධ චෝදනා පවතිනවා එම තත්වයන් මත මෙහි ජනතාව අද විවිධ ප්‍රිඩාවන්ට පත් වෙලායි ඉන්නේ.

මෙ8් වන විට මේ ප්‍රදේශයේ බොහෝ පිරිසක් මාගේ පාලන කාලය පිලිබදව කතා කරමින් නැවත එවන් පාලනයක් ඇති කර ගැනිම සදහා එක්විමට පෙල ගැසෙමින් ඉන්නේ එවන් තත්වයන් මත ඉදිරියේ පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයේදි මෙම නගර සභාවේ පාලන බලය ලබා ගෙන මෙම ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දිමට පියවර ගන්නවා.

දික්ඔය – එස්. එම්. ඩි. රජිත

More Stories