මහියංගනය සිට වව්නියාව බලා ධාවනය වන ලංගම බස් රථයක් සහ බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයේ සිට දඹුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක් මගී ජනතාව දැඩි අවදානමේ තබාගෙන ඉතා අනාරක්ෂිතව ධාවනය කරන දසුන් පෙළක් බස් රථයේ ගමන් කරමින් සිටි මගියකු තම ජංගම දුරකථනයෙන් පටිගත කොට මාධ්‍යවේදීන් වෙත අද (21) දින ලබා දී තිබිණි.
බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කරන දඹුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස් රථ රියදුරු 21 දින පෙරවරුවේ මහියංගනය ඩිපෝවට අයත් මහියංගනය සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගමන් කිරීමට හෝ මගින් ගැනීමට නොහැකි ආකාරයෙන් ප්‍රධාන මාර්ගයේ ඉතා අපරික්ෂාකාරී ලෙස සියලු මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කරන අයුරු මෙහි දැක්වේ.
මෙම පෞද්ගලික බස් රථ රියදුරු වෙනත් කිසිදු වාහනයකට තමන් ගමන් කරන මාර්ගයේ ඉස්සර කිරීමට ඉඩ ලබා නොදී ප්‍රධාන මාර්ගයේ ගමන් කරන පදිකයන් ට පවා දැඩි දූවිලි තත්ත්වයන් නොතකා ඉතා අනාරක්ෂිතව ධාවනය කරනු ලබන අතර මගින් බැස්සවීම සහ මගින් ලබා ගැනීම පවා ප්‍රධාන මාර්ගය හරස් කොට සිදුකරන අයුරු මෙම රූපරාමු වල සදහන්ව තිබේ.