roadabalan

ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දාච්චහල්මිල්ලෑව සිට ගනේවල්පොල දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් හැටක පමණ ප්‍රමාණයක් මුළු මනින්ම විනාශවි පාගමනින්වත් යෑමට නොහැකි තත්වයකට පත්වි ඇති බව එම මාර් ගය භාවිතා කරන ගොවි ජනතාව පෙන්වා දෙති.

පසුගිය ආණ්ඩුව ඇතුළු ආණ්ඩු කිහිපයක්ම මාර් ගය කාපට් අතුරා සංවර්ධනය කර දෙන බවට අවස්ථා කිහිපයකදීම පොරොන්දුවි මුල්ගල් තබා ඇතත් එම මුල්ගල් මුල් ඇද ඇති බව ගොවීන් පැවසූහ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ පහකට ඉතා පහසුවෙන් ගමන් කළ හැකි මාර් ගය නිසි අන්දමින් සකසා දෙන ලෙස ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටින අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් මේසේ කීහ.

අපි දන්න තරමට වසර 45ක් මාර් ගය නිසි අන්දමින් නඩත්තු කරලා නෑ.පැලස්තර ඇලවිම් අවස්ථා කිහිපයකදි සිදුවුනා නමුත් වර් ෂාව සමයෙදි පාර සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා.

මේ මාර් ගය වැඩියෙන්ම භාවිතා කරන්නේ ගොවියන්.ඔවුන් දිනපතා දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයට එළවළු පළතුරු අරන්යන්නේ මේ පාරේන්.

ඒ වගේම කොළඹ සිට ත්‍රීකුණාමලය නගරයට තියෙන කිලෝමීටර් සියයක් විතර දුරින් අඩු එකම පාර දාච්චහල්මිල්ලෑව බී 133 ප්‍රධාන පාර.කැකිරාව තිරප්පනය පළුගස්වැව කහටගස්දිගිලිය හා ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල පදිංචි ජනතාව මේ මාර් ගය භාවිතා කරනවා.

පාරේ හැම බිම් අගලකම විශාල වළවල් හෑරිලා තියනවා.හදිසියේ ලෙඩෙක් ගෙනියන්න වුනොත් පැය දෙක තුනක් යනවා රෝහලට යන්න.ගෙනියන වාහනය වලවල් වල වැටිලා රෝගියා ඒක ඇතුලේ මැරෙනවා.

ඉස්සර දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයට එළවළු ගෝනියක් ගෙනියන්න ගොවියෙකුගෙන් රුපියල් සියයි ගත්තේ ලොරි රථයකට.දැන් රුපියල් 250ක් ඉල්ලනවා එක එළවළු ගෝනීයකට.මොකද පාරේ වාහන යන්න කැමති නෑ නිතරම කාර් මික දෝෂවලට ලක්වෙන නිසා.

පැයකින් තමන්ට අවශ්‍ය ස්ථානයට යන්න පුළුවන් පාරේ දැන් ගමන අවසන් කරන්න ගතවෙනවා පැය තුනක් විතර.ඒ නිසා මේ මාර් ගය හදලා දෙන්න කියලා අපි කාරුණිකව බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් ගොවින් පැවසූහ.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.එම්.විජේසුරිය

More Stories