ආයුර්වේද දෙපාර්තුමේන්තුවට අයත් අනුරාධපුර ආයුර්වේද රෝහල් ඉඩමේ පිටිපස කොටස අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අමාත්‍යවරයෙකුගේ රියදුරෙකු විසින් ඩෝසරයක් යොදාගෙන ශුද්ධ පවිත්‍රකර වැටක් ඉදිකර තිබෙන බව රෝහලේ කාර්ය මණ්ඩ‍ලයේ සේවක සේවිකාවන් පිරිසක් අනාවරණය කළහ.

අනුරාධපුර අනාගාරික ධර්මපාල මාවතේ උසාවිය ඉදිරිපිටින් ශික්ෂන රෝහලේ මෘත ශරිරාගාරයට පිවිසේන අතුරු මාර්ගයට යාබදව අයුර්වේද රෝහල් භූමියේ අවසන් මායිම් සීමාව පිහිටා තිබෙනා අතර එම කොටස ඔහු විසින් අල්ලගෙන තිබේ.

(22දා)කිසියම් පුද්ගලයෙකු විසින් එම ඉඩම් කොටස යන්ත්‍ර සූත්‍ර යොද ශුද්ධ පවිත්‍රකර කොන්ක්‍රීට් කණු ස්ථිරව සිටවා තිබෙන අයුරු දුටු සේවකයන් ඒ පිළිබදව කල දැන්වීමට අනුව එහි ගිය අවස්ථාවේ ඉඩම ආක්‍රමණය කර තිබෙනා අයුරු දක්නට ලැබුණි.

ආයුර්වේද රෝහල් ඉඩමේ පිටුපස කොටස වන භූමියේ පර්චර්ස් 15ක පමණ ඉඩම් කොටසක් ඉඩමට බලහත්කාරයෙන් ඇතුළුවු රියදුරා ඇතුළු පිරිස අල්ලාගෙන තිබෙන අතර එම ස්ථානයේ තිබු විශාල බෝක්කුවක් කඩ බිදදමා තිබෙන අයුරු දැකගත හැකිවිය.

අදාල ඉඩම පිටුපස කලකට ඉහතදි ආයුර් වේද රෝහල ප්‍රයෝජනයට ගෙන අතහැර දැමූ විශාල ළිදක් හා පැරණි වැසිකිලියක්ද ශුද්ධ පවිත්‍ර කල ස්ථානය ආසන්නයේ දක්නට ලැබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රෝහල් සේවකයන් පිරිසක්. (22දා) තමයි හදිසියේ කණ්ඩායමක් ඇවිල්ලා මේ ස්ථානය ශුද්ධ පවිත්‍රකරේ.අපි හැමෝම හිතාගෙන හිටියේ අරගෙන ආපු යන්ත්‍ර සූත්‍ර නගර සභාවේ ඒවා නිසා රජයේ නිලධාරින් ඇවිල්ලා මේ කොටස ශුද්ධ පවිත්‍ර කරන්න ඇති කියලා.

පස්සේ තමයි දන්නේ අමාත්‍යවරයෙකුගේ රියදුරෙක් මේ කැලෑ වැවිලා තිබ්බ ආයුර්වේද රෝහලේ කොටස අල්ලාගෙන කියලා.මේවා රජයට අයිති දේවල් එක එක පුද්ගලයාට අවශ්‍ය විදියට නොහොමද මේවා අල්ලගන්නේ යනුවෙන් ඔවුන් විමසූහ.

උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමකදි ඔහු මෙසේ පැවසුවේය.

මම දැක්කා ඉඩම අල්ලාගෙන තියනවා.ඔය කොටසේ නව වාට්ටුවක් හදන්න සියළුම කටයුතු සිදුකරලා තියෙන්නේ.අනවශ්‍ය අතපෙවීම් වලට ආවොත් ඊට එරෙහිව අදාල පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නවා.මම ඒවට නිහඩව ඉන්නේ නෑ යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories