සෝමාලියානු ජාතිකයන් දෙදෙනෙකු නීති විරෝධීව රැගෙනආ ධීවර යාත්‍රාවක් ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු සමග අද (29 ) අළුයම බෙිරුවල ධීවර වරායේදී අත් අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි .
නිරෝධායන නීති අනුව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය , කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ජේ.සිංහබාහු මහතා ඇතුළු නිලධාරින් බෙිරුවල පොලිසියේද මැදිහත්විමෙන් එම අවස්ථාවෙදීම ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ කිරිමට පියවර ගෙන ඇත.
පී.සී.ආර්.වාර්තා එනතෙක් සෝමාලියානු ජාතිකයින් දෙදෙනා එම ධීවර යාත්‍රාවේම නිරෝධනය කිරිමට කටයුතු කර ඇත.ධීවර යාත්‍රාවේ පැමිණි ලාංකිකයින් හය දෙනා අලුත්ගම ,ධර්ගානකරයේ නිරෝධන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.
මේ පිළිබඳ බේරුවල පොලිසිය , බේරුවල ධිවර වරායේ නාවික හමුදා ඒකකය, හා බේරුවල ධිවර වරායේ වෙරළ ආරක්ෂක අංශය, බේරුවල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය එක්ව පරික්ෂණ සිදු කරයි.
එස්.පොද්දෙණිය – මීගහතැන්න