burka

බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාවට එරෙහිව මෙරට රාජ්‍ය නොවන සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පෙත්සම් 1000කට අධික සංඛ්‍යාවක් යවා ඇති බව වාර්තා වේ.

මේ බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග අනාවරණය කොට තිබේ.

මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත යවා ඇති පෙත්සම්වල දක්වා ඇත්තේ බුර්කා තහනම ගෙන එනු ලබන්නේ මුස්ලිම් කාන්තාවන් මර්දනය කිරීමට බවයි.

Similar Posts