හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුලියන්කඩවල ගම්මානයේ ජනතාවට හා පාසල් සිසු දරුවන්ට කහටගස්දිගිලි නගරයට යෑම සදහා දශක දෙකක කාලයක් තිස්සේ බස් රථයක් නොමැතිවිමේන් දුක්විදිනා බව එම ගම්මානයේ ජනතාව පැවසූහ.
පාසල් සිසුන් ප්‍රතිකාර සදහා රෝහල් වලට යන ජනතාව හා වෙනත් දෛයිනික අවශ්‍යතා සදහා නගරයට යන්නන් මේ හේතුවෙන් දැඩි පීඩාවකට පත්වි සිටින බවත් පුලියන්කඩවල ගම්මානයේ සිට ගුරුගල්හින්න හංදියට යෑමට කිලෝමීටර් 13ක පමණ ප්‍රමාණයක් දුරගෙවිමට පෞද්ගලික රථවාහන භාවිතා කිරීමට සිදුව තිබෙනා බව ඔවුන් පවසති.
1990 පමණ කාලයේ යලට මහට බස් රථයක් ධාවනය වූවත් දශක දෙකක පමණ කාලයක සිට ගම්මානයට පැමිණි බස් රථයක් ඇහින් දැකීමටවත් වාසනාවක් නැති බව ගම්මුන් පැවසුහ.පුලියන්කඩවල ඉහලවැව වහගහපුවැව ඇල්ලපොතාන තිඹිරිවැව සිට ගුරුගල් හංදියට පැමිණ එතන් සිට කහටගස්දිගිලිය නගරයට යෑමට බස් රථයක් ලබාගත හැකි බව ඔවුන් කීහ.
වසර ගණනාවක් තිස්සේ කහටගස්දිලිය නගරයට යාමට බස් රථයක් නොමැතිවිමෙන් පීඩාවට පත්ව සිටින ගම්වාසින් පිරිසක් මෙසේ පැවසූහ.මතක ඇති කාලයක ගම්මානය හරහා කහටගස්දිලිය නගරයට බස් රථයක් ධාවනය වුනේනෑ.හොරොව්පොතාන නගරයට බස් රථයක් ධාවනය වෙනවා නමුත් කහටගස්දිගිලිය නගරයට ඒ පහසුකම නෑ.
කහටගස්දිලිය මධ්‍ය විද්‍යාලයට යන දරුවෝ පුදුම දුකක් විදිනවා බස් රථයක් නැති නිසා.පෞද්ගලකික බස් රථයක් සිසු සැරිය ප්‍රවාහනය සලසනවා.ඒක සමහර දවස් වලට නෑ.එක් සිසුවෙකුගෙන් රුපියල් සියයක් අයකරනවා යන්න එන්න.
දරුවෝ දෙන්නෙක් ඉන්න පවුලක අය කොහොමද මේක දරාගන්නේ.ගම්මානයේ ඉන්නේ ගොවිතැනින් ජීවිකාව සරි කරගන්නා මිනිස්සු.
ඒ බස් එක නැති දාට මොකක් හරි පෞද්ගලික වාහනයකින් දරුවන්ව ගුරුගල්හින්න හංදියට දාන්න ඕන.එතන ඉදන් කහටගස්දිගිලියට ආපහු බස් රථයක යන්න ඕන.රෝහකට වෙනත් වැඩවලට නගරයට යන ගම්මුන්ටත් ඔය ප්‍රශ්නය තමයි තියෙන්නේ.
රටේ ගමනා ගමනය මෙච්චර දියුණු තත්වයක තියෙද්දි අපිට කිලෝමීටර් විස්සක විතර දුරක් යන්න බස් රථයක් නෑ.දරුවන්ට මාසික වාර ප්‍රවේශ පත්‍රයක් අරන් පාසලකට යන්න අවස්ථාවක් නෑ.ඒ නිසා අඩුම තරමේ කුඩා ප්‍රමාණයේ බස් රථයක් දිනකට ගමන්වාර දෙකක් සදහා ගම්මානයට යොදවන්න කියලා අපි ප්‍රවාහන බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් ඔවුන් පැවසුහ.
අනුරාධපුර – මහේෂ් විජේසුරිය