nortan-bij

අබලන් තත්වයේ පවතින දියගල නොර්ටන් බ්‍රිජ් මාර්ගය මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමට ප්‍රථම නවිකරනය කිරිමට උපරිම උත්සහායක් ගන්නා බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධියක හා ජනාධිපතිතුමන්ගේ මධ්‍යම පලාත් සම්බන්ධිකාරක කේ. කේ. පියදාස මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු කේ. කේ. පියදාස මහතා දියගල සිට නොර්ටන් බ්‍රිජ් දක්වා පවතින පටු මාර්ගයේ තැන තැන අබලන් තත්වයේ පැවතිමත් සමග එම මාර්ගයේ විවිධ රථ වාහන අනතුරු ඇති වෙනවා.

ශ්‍රිපාද වන්දනා සමය පවතින මාස හයක කාලයක් පුරාවට  ශ්‍රිපාදය වන්දනා කිරිමට වන්දනාකරුවන් රැගෙන පැමිනෙන රථ වාහන විශාල ප්‍රමානයක් මෙම මාර්ගය ඔස්සේ ධාවනය වනවා එමෙන්ම ශ්‍රිපාද වන්දනාකරුවන් රැගත් රථ වාහන  වැඩි වශයෙන් පැමිනෙන දිනවලදි හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රිපාදය වන්දනා කිරිමටත් ශ්‍රිපාදය වන්දනා කර නැවත ගම් බිම් බලා යන රථ වාහන මෙම මාර්ගයේ ධාවනය කරවිමටත් පියවර ගන්නවා.

එවන් තත්වයන් තුල මෙම මාර්ගය තුල පවතින අබලන්තාවය හේතුවෙන් මෙම මාරුගයේ රථ වාහන අනතුරු ඇතිවිම් ඉහල යමින් පවතිනවා පසු ගිය ශ්‍රිපාද වන්දනා සමය තුලදිද මෙම මාර්ගයේ සිදුවු රථ වාහන අනතුරු හේතුවෙන් කිප දෙනකුම මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබුවා එවන් තත්වයන් මත මෙම මාර්ගය නවිකරනය කිරිම අවශ්‍යම කරුනක්.

මෙම මාර්ගය පවතින තත්වයන් පිලිබදවත් එම තත්වයන් තුල මෙම මාර්ගය කඩිනමින් නවිකරනය කිරිමේ අවශ්‍යතාවය පිලිබදව මා මේ වන විට ජනාධිපති තුමන් මෙන්ම ප්‍රවාහන මහා මාර්ග ජනමාධ්‍ය ඇමති අචාර්ය බන්දුල ගුණවර්ධන මහතාත් දැනුවත් කිරිමට පියවර ගෙන තිබෙනවා.

එම තත්වයන් මත මෙම මාර්ග කොටස මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිමට පෙර නවිකරනය කිරිමට හැකි වෙතැයි විස්වාස කරන අතර මෙම මාර්ගය මෙම වසර අවසානයට පෙර නවිකරනය කර ගැනිමට හැකි සැම උත්සහයක් ගන්නා බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts