2023 නොවැම්බර් 28 කොළඹ: ඡායාරූපකරණය සඳහා උනන්දුවක් දක්වන උතුරු පළාතේ ජනතාවට වඩාත් ඉහළ ගුණාත්මක තත්ත්වයේ කැමරා ආම්පන්න පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව උදාකරදීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකාවේ විශාලතම කැමරා ආම්පන්න අලෙවි සමාගම වන CameraLK විසින් සිය තුන්වන ශාඛාව යාපනය නගරයේ දී සුබ මොහොතින් විවෘත කරන ලදී. මෙම නව යාපනය ශාඛාව දියත් කිරීම CameraLK හි ශ්‍රි ලංකාව පුරා පුළුල් පාරිභෝගික ප්‍රජාවක් නිර්මාණය කරමින් ඡායාරූපකරණයේ ගුණාත්මක අගය ඉහළ නැංවීමේ උපායමාර්ගික එළඹුමේ තවත් එක් සන්ධිස්ථානයකි.
යාපනයේ නව ශාඛාව Sony ආයතනයේ RMDC විකුණුම් ප්‍රධානී Stanley Tan, Sony ආයතනයේ RMDCDI අලෙවි ප්‍රධානී Karan Sum සහ CameraLK හී කළමනාකරණ අධ්‍යක්ෂක අනුෂ්ක ගුණසිංහ මහතාගේ සුරතින් සුබ මොහොතින් විවෘත වූ අතර, ආරාධිත අමුත්තන් සහ CameraLK කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී විය.
කාර්ගිල්ස් චතුරස්‍රය, පළමු මහල, මහල, අංක 09 ස්ථානයේ පිහිටා ඇති මෙම නව අලෙවි සැල ඡායාරූපකරණ අවශ්‍යතාවයන්ට මනාව ගැළපෙන කැමරා ආම්පන්න නිරීක්ෂණය කිරීමට සහ ඒවා මිලදී ගැනීමට නවීන පහසුකම් සහිතව නිර්මාණය කර ඇත. උසස් තත්ත්වයේ DSLR කැමරා” පහසුවෙන් හැසිරවිය හැකි mirrorless කැමරා, Point and Shoot කැමරා සහ විශාල පරාසයක පැතුරුණු විවිධ කැමරා ආම්පන්න රැසක් යාපනය නව ශාඛාවේ තිබෙන අතර, උතුරු පළාතේ පාරිභෝගිකයන්ට තමන්ගේ අවශ්‍යතාවට සරිලන නවීන මාදිලියේ උපකරණ රැසක් එකම තැනකින් සාධාරණ මිලකට ලබාගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබේ.