closed walkatha

ගලෙන්බිදුණුවැව නගරයෙන් කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගීන් දෙදෙනෙකු හමුවීමත් සමග නගරයේ පිහිටි තොග සිල්ලර හා විවිධ වෙළදසැල් 48ක ප්‍රමාණයක් වසා දැමීමට හා ආශ්‍රීතයන් 59 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරිමට  සෞඛ්‍ය අංශ නිලධාරින් පියවර ගෙන තිබේ.

මීට දින හතරකට පමණ ඉහතදි අකුරණ සිට පැමිණි ව්‍යාපාරිකයෙකු ඇතුළු තිස් දෙනෙකු හදිසියේම පී.සී.ආර් පරික්ෂනයකට යොමුකර තිබෙනා අතර ඉන් එක් පුද්ගලයෙකු අතර සිටි ව්‍යාපාරිකයාගේ සිදුකළ පී.සී.ආර් පරික්ෂනයට අනුව කොවිඩ් 19 රෝගය වැලදි තිබෙනා බව තහවුරුවි තිබේ.

පසුව තවත් ව්‍යාපාරිකයෙකුගේ පී.සී.ආර් පරික්ෂනයට අනුව ඔහුත් රෝගියෙකු බව සවස තහවුරුවීම නිසා වෙළදසැල් 48ක ප්‍රමාණයක් සවස් වනවිට වසාදමා තිබේ.වසාදැමූ වෙළදසැල් 48ක ප්‍රමාණයේ සේවකයන් අතුළු 59ක පිරිසක් ස්වයං නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරින්  පියවර ගෙන තිබුණි.

ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් ඇතුළු තවත් 50කට අධික පිරිසක් සම්බන්ධයෙන් සොයා බලා රෝග ව්‍යාප්තිය වැලක්වීමේ පියවර ලෙස ස්වයං නිරෝධායකය සිදුකරනා බව සෞඛ්‍ය අංශ නිලධාරින් පවසයි.ඒ අනුව අනුරාධපුර ගලෙන්බිදුණුවැව දුටුවැව කැකිරාව ඇතුළු වීදි සියල්ලේ පිහිටි වෙළද ආයතන 49ක් තාවකාලිකව වසාදමා තිබේ.

කොවිඩ් 19 වැළදුණු රෝගින් ප්‍රතිකාර සදහා අනුරාධපුර මෙත්සිරි සෙවන ප්‍රතිකාර ඒකකයට ආරක්ෂිතව එවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබු අතර රෝග ව්‍යාප්තිය වැලක්වීම සදහා නිසි වැඩපිළිවෙලක් සකස් කිරීමට ගලෙන්බිදුණුවැව පොලිසිය කටයුතු කර තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories