ශ‍්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිලිබදව අන්තර්ජාතික මුල්‍ය අරමුදලෙන් උපදෙස් ඉල්ලා ඇත.
ඒ අනුව එම ආයතනයේ නියෝජිතයින් පිරිසක් නුදුරේදීම ශ‍්‍රී ලංකාවට පැමිණිම නියමිත බව මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.
‘විශේෂඥ දැනුම අපි ඉල්ලලා තියෙනවා. අර්බුදකාරී රටවලට උපදෙස් දෙන්න තියෙන ආයතනය මේක තමයි. අවශ්‍ය මුදල් ජපන් රජයෙන් දෙන්න එකඟතාවක් තියෙනවා. ඒ දෙකම IMF එක තහවුරු කරලා තියෙනවා. හෙට අනිද්දා ඔවුන් ඇවිත් අපි නොදන්න දේවල් ගැන අපිට උපදෙස් දෙයි. ඒවා භාරගැනීම මට තනියෙන් කරන්න බැහැ. අපිට සුදුසු ක්‍රමය ගැන අපි හොයනවා’