අනුරාධපුර අවන්තිදේවී බාලිකා ළමා නිවසයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකර තිබෙනා විශේෂ විමර් ශනයන්ට අනුව උතුරු මැද පළාත් හිටපු පරිවාස කොමාසාරිස් හා දැනට අමාත්‍යංශ සහකාර ලේකම්වරයෙකු වශයෙන් සේවයේ නියුතු උපාලි රාජපක්ෂ මහතා සැකපිට අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර් යංශය ප්‍රමාණවත් සාක්ෂි ගොනුකර ගෙන තිබේ.

හිටපු පරිවාස කොමසාරිස් උපාලි රජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ ලබාගැනීමෙන් පසුව ඔහුව ඉදිරියේදි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.අවන්තිදේවි බාලිකා ළමා නිවසය සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර් ග නොගන වගකීම් පැහැරහැර කටයුතු කිරිම නිසා සිදුවි ඇති සියළු සිදුවීම් වලට ඔහු අනුබලදි ඇති බව සිදුකර තිබෙනා පරික්ෂන වලින් අනාවරණයවී තිබේ.

අවන්තිදේවි බාලිකා ළමා නිවසයේ දරුවන් කෘරත්වයට පත්වීම ස්ත්‍රී දූෂණ ලිංගික අපයෝජන බරපතල ලිංගික අතවර හා ලිංගික අතවර සිදුවීම් සම්බන්ධයෙන් අනුරාධපුර ළමා හා කාන්තා කාර් යංශය සිදුකර තිබෙන පරික්ෂන වලට අනුව නිවාස මාතා (ප්‍රධාන පාලිකා) හා මනෝවිද්‍යා උපදේශක යෝග ව්‍යායාම පුහුුණුකරු යන දෙදෙනාට එරෙහිව පැමිණිලි 24ක් ලැබී ඇති බව පොලිසිය පවසයි.

යෝග පුහුණුකරු බව කියාගන්නා සැකකරු මේ මස (25දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර ඔහු විසින් ළමා නිවාසයේ ආහාර සැකසීම සදහා අනියුක්ත කර තිබූ දාහත් හැවරදි තරුණියක ඔහුගේ නිවසේ තබාගෙන කෙළෙසා ඇති බවත් ඇයට ඔහුගේ නිවසට යාමට ප්‍රධාන පාලිකාව බලපෑම් හා අවසර ලබාදීම් සිදුකර තිබෙනා බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

දාහත් හැවරදි තරුණිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර් යංශයේ ස්ථානාධිපතිවරයට ඒ පිළිබදව පෞද්ගලිකව ප්‍රකාශ ලබාදි තිබෙනා බව අනාවරණය විය.පසුගියදා පැවති සාදය දිනයේ තමන්ව කෙළසුන බව කියමින් දැරියක් ප්‍රකාශ ලබාදි ඇති අතර ඇය පොලිසියට බොරු ප්‍රකාශ ලබාදි ඇති බවක් පොලිසිය පසුව අනාවරණය කරගෙන තිබුණි.

තමන් පොලිස් නිලධාරින්ට බොරු ප්‍රකාශ ලබාදුන් බවත් ඕනෑම දඩුවමක් තමන්ට ලබාදෙන ලෙසත් දැරිය හඩාවැටෙමින් පොලිසියට පවසා තිබුණාය.

ලැබී තිබෙන පැමිණිවලට අමතරව තවත් පැමිණිලි 10ක් සැකකරුවන්ට එරෙහිව තිබෙනා බවත් එම පැමිණිලි සටහන් කිරීමෙන් පසුව බී වාර් ථාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සියළුම පැමිණිලි වලට අනුව හිටපු පරිවාස කොමසාරිස්වරයා සිය සේවය පැහැර හරිමින් ඊට ආධාර අනුබල ලබාදි ඇති බවත් කිසිදු පුහුණුවක් නොමැති සුදුසුකම් නොමැති අයෙකු දැරියන්ගේ මනෝවිද්‍යා උපදේශකවරයා හා යෝග ව්‍යායාම පුහුණුකරු යෙදිවීම බරපතල වරදක් බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.ළමා නිවසයේ නිවාස මාතාව අදාල චෝදනාවන්ට මේ මස (18දා) දක්වා රක්ෂිත බන්ධනාගර ගතව සිටි.

අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර් ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස්මත කොට්ඨාශ ළමා හා කාන්තා කාර් යංශයේ ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිෂානි සෙනවිරත්න ළමා හා කාන්තා කාර් යංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති යන නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂන සිදුකරති.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.මහේෂ් විජේසුරිය

More Stories