death

දිවුලපිටිය ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිත කාන්තාවට එම වෛරසය ආසාදනය වූ ආකාරය තවමත් අනාවරණ වී නොමැති වීම හේතුවෙන් එහි අවධානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.

කොවිඩ් ආසාදනය වූ සේවිකාව සිදුකර ඇති ප්‍රකාශ අනුව එහි සේවය කරමින් සිටි තවත් පිරිසකට දින කිහිපයකට පෙර සිට කැස්ස ඇතුළු රෝග ලක්ෂණ තිබු බවට ප්‍රකාශ කර ඇති බව යුධ හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ යෙදී සිටින තවත් සේවක සේවිකාවන් 1400 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සහ හෙට දිනයේදී සිදුකිරීමට නියමිත බව ද යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

රට තුළ කොරෝනා අවධානම තවදුරටත් පවතින බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කෙරුණේ.

අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් පිටතට පැමිණෙන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

More Stories