curfew areas in sri lanka

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් 460ක ට කොරෝනා වෛරසය වැළදී ඇති බවත් දිස්ත්‍රික්කයේ මේ වන විට  කොරෝනා මර් දන ප්‍රතිශක්තීකරණ එන්නත් දෙවන මාත්‍රාව නොලද පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක්  පළමු මාත්‍රාව ලබා ගෙන මාසයක් ගතව ඇතත් දෙවන මාත්‍රාව නොලැබීමෙන් අවදානමට ලක්ව ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

මේ වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තුන්වන රැල්ලෙන් ආසාධිතයින් 6730 ක් හදුනාගෙන ඇති බවත් ඒ අතර පාසල් ළමයින් 460 ක් සිටින බවත් පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා අප කළ විමසුමක දී පැවසීය.

ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ මේ වන විට කොරෝනා මර් දන ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා එකක් ලබා ගත් ලක්ෂයකට ආසන්න පිරිසක් දෙවන මාත්‍රාව ලබා දීමට දින වකවානු සම්පූර් ණ කර ඇති බවයි.එසේ වුවත් එන්නත් තොග නොලැබීම නිසා මෙම එන්නත් මාත්‍රාව ලබා දීම කල් යා හැකි බවද ඒ මහතා පැවසීය.

ලැබුණු වහාම දෙවන මාත්‍රාව ලබා දීමට කටයුතු කරන බවත් මෙතෙක් වයස අවුරුදු 60 ට වැඩි පළමු එන්නත් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් සදහා එන්නත් ලබා දීම මේ දිනවල සිදුවන බව ද ඒ මහතාකීය.ඒ සදහා එන්නත් මාත්‍රා 40 000ක් ලැබුණු බවද හෙතෙම පැවසීය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා මරණ සංඛ්‍යාවද 96 දක්වා ඉහළ ගොස් ඇති බවත් දිනකට කොරෝනා මරණ 4ක් පමණ දිස්ත්‍රික්කයෙන් වාර් තාවන තත්ත්වයක් පවතින බවද හෙතෙම වැඩි දුරටත් කීය.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts