හැටන් නගරයේ දුබුරු ගිරිය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයකු හමුව ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසයි.

මෙම ආසාදිතයා අවුරුදු 19 ගැහැනු දරුවකු බවත් මෙම අයගේ මව මුලින්ම කොවිඩ් 19 ආසාදිතයකු බවට හදුනා ගැනිමෙන් අනතුරුව කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලදි එම දැරියගේ පියා මෙන්ම සහෝදරයාද කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමෙන් පසු ඔවුන්ද මෙයට පෙර රෝහල් ගත කල බවද ඔහු පවසන ලදි.

කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනාගත් මෙම දැරියද මාතර කඹුරුපිටිය රෝහල වෙත රැගෙන යාමට පියවර ගත් බවත් ඒ අනුව මේ වන විට හැටන් ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 15 දෙනකු හමුවි ඇති බවද මැදවෙල මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts