coronavirus news
මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරස ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් එය මිට පෙර අවස්ථාවේදී රටේ ව්‍යාප්ත වෙමින් තිබු කොවිඩ් වෛරස ප්‍රභේදයට වඩා හාත්පසින්ම වෙනස් එකක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජිව මුණසිංහ ප්‍රකාශ කර සිටිනවා.

පැතිරෙමින් පවතින මෙම කොවිඩ් වෛරසයේ ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥවරියක් වන මහාචාර්ය නිලීකා මලවිගේ විසින් පර්යේෂණයක් සිදුකර ඇති බවත් එහිදී මෙලෙස ව්‍යාප්ත වන වෛරස් කාණ්ඩය මිට පෙර මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 කාණ්ඩයට අයත් නොවන බවට තහවුරු කර ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ.

මෙම වෛරස් කාණ්ඩය B142 කියන අනු කාණ්ඩයට අයත් සාර්ස් වෛරසයට සම්බන්ධ බවට හඳුනා ගෙන ඇති බවත් එය කිනම් රටකට සම්බන්ධ බවටද යන්න ගැන පර්යේෂණ සිදුකරමින් පවතින බවට මහාචාර්ය නිලිකා මලවිගේ ප්‍රකාශ කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙරටින් නව ආසාදිතයින් 239 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 10,663 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිතයින් 6,244 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

More Stories