corona

ඉන්දියාවෙන් හඳුනාගත් බී. 1.617 දෙමුහුන් කොරෝනා විකෘතියත්, මහා බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් බී.1.1.7 කොරෝනා විකෘතියත් මුසු වී නිර්මාණය වුණු නවතම මාදිලියේ විකෘති කොරෝනා වයිරස ප්‍රභේදයක් වියට්නාමයෙන් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ කියයි.

මෙම නව වයිරස ප්‍රභේදය, වියට්නාමයේ අලුතින් හමුවන ‘කොවිඩ් 19’ ආසාදිතයන් අතරේ බහුලව දකින්න ලැබෙන බවත්, ආසාදිතයන් සහ මරණ වැඩි කිරීමට එය හේතුවක් වී ඇති බවත් සෞඛ්‍ය ඇමැති ගයියෙන් තාන් ලොං පවසා ඇත.

ඉන්දියාවේත් මහා බ්‍රිතාන්‍යයේත් කොරෝනා ආසාදිතයන් වැඩි කිරීමට එම රටවලින් හමුවුණු විකෘති ප්‍රභේද සමත් වී තිබේ. ඒ අනුව මෙම විකෘති දෙකම මිශ්‍රවී නිර්මාණය වූ නව ප්‍රභේදය වඩාත් බිහිසුණු බව සෞඛ්‍ය ඇමැතිවරයා පැහැදිලි කර තිබේ.

බී. 1.617 දෙමුහුන් කොරෝනා විකෘතියත්, බී.1.1.7 කොරෝනා විකෘතියත් බිහිසුණු විකෘති ප්‍රභේද යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.  වියට්නාම විකෘතිය වඩාත් බිහිසුණු එකක් වනු ඇතැයි වයිරස විශේෂඥයෝ බිය ඵල කරති.

More Stories