රාජ්‍ය බැංකුවක රියදුරු මහතෙකුට කොවිඩ් ආසාධනයවීමත් සමග අනුරාධපුර පාලාඩිකුලම ප්‍රදේශයේ එකම පවුලකින් කොවිඩ් රෝගීන් දස දෙනෙකුගෙන් යුතු පොකුරක් නිර්මානයවීම හා පොකුරේ සිටිනා බාලවයස්කාර සිසුවෙකු හේතුවෙන් අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ දෙක ශ්‍රේණියේ එක් පන්තියක් සතියක කාලයක් වසාදැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

අනුරාධපුර ශික්ෂන රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකුගේ බාල සහෝදරයා ඇතුළු පවුලේ ඥාතින් පිරිසකට වෛරසය ආසාධනයවි තිබෙනා අතර රාජ්‍ය බැංකුවක රියදුරා පසුගිය සතියේ කොළඹ පිහිටි බැංකු මූලස්ථානයට ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබේ.

ඔහු මූලස්ථාන පරිශ්‍රයේ මුඛ ආවරණ නොමැතිව පැයකට අධික කාලයක් රැදි තිබෙනා බවත් පසුව මූලස්ථානයේ සේවකයන්ට කොවිඩ් වැලදි ඇති බව ඔහු දැගෙන තිබෙනා බවත් සේවකයා උණ ගතියෙන් පෙලෙමින් සිටියදි දරුවා පාසල් එවා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

පාසල් සිසුවාටත් කොවිඩ් 19 ආසාධනයවි ඇති බව අනාවරණය වීමෙන් පසුව විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ එක් පන්තියක අධ්‍යාපන කටයුතු නැවත්වීමට විදුහල්පතිවරයා ඇතුළු සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

ඒ අනුව පන්ති කාමරයේ ඉගෙනුම ලැබූ සිසුන් 18 දෙනෙකු සමග පන්ති බාර හා ඉංශ්‍රීසි ගුරුවරියන් ස්වයං නිරෝධායනයට ලක්කිරිමට පියවර ගෙන ඇති බව විද්‍යාලයීය ආරංචි මාර් ග සදහන් කරයි.විද්‍යාලයේ සෙසු පන්ති ඇතුළු එම අංශයම විෂබිජ හරණය කර තිබෙනා බවත් අනෙක් පන්ති සුපුරුදු පරිදි පැවත්වෙන බව විද්‍යාලයේ විදුහල්පති අජිත් වඩුගේ මහතා පැවසුවේය.

බැංකු රියදුරාගේ රැල්ල සමග අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර් ථා වන සමස්ත කොවිඩ් රෝගින් සංඛ්‍යාව 128 වන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 21ක වෛරසය පැතිරී තිබේ.ගෙවිගිය දින හතක කාලය තුලදි නව රෝගින් 31 දෙනෙකු වාර්ථාවි ඇති බව වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසුවේය.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.මහේෂ් විජේසුරිය

More Stories