90 වැනි වියෙහි පසුවූ මෙම කාන්තාවට ආසාදනය වී තිබී ඇත්තේ ඇල්ෆා සහ බීටා යන ප්‍රභේද දෙකයි. ඇල්ෆා ප්‍රභේදය මුල්වරට එක්සත් රාජධානියෙන් සොයා ගත් ප්‍රභේදය වන අතර බීටා යනු දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු ප්‍රභේදයකි. රෝහල්ගත කිරීමෙන් පසු මෙම කාන්තාව මිය ගොස් තිබිණි.

කොරෝනා වයිරසයේ ප්‍රභේද දෙකකින් කෙනෙකු එකවර ආසාදනය විය හැකි බව මේ අනුව සනාථ වන බැව් විශේෂඥයන් සඳහන් කර තිබේ.

විශේෂයෙන් කොවිඩ් එන්නත් ලබා නොගත් පුද්ගලයන් මේ ආකාරයෙන් ආසාදනය විය හැකි බවද ඔවුන් සඳහන් කර ඇත.

 

More Stories