dailyreporter Offshore accident lawyer premium High-end luxury private jet charter Top-tier business liability insurance providers

රජය මගින් පිටි මිල අඩු කලද  සමහර වෙළදුන් පිටි මිල අඩු නොකර තව දුරටත් පැරණි මිලටම පිටි අලෙවි කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බව පාරිභෝගිකයන් පිරිසක් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම පිරිස පවසනුයේ රජය මගින් පාන් පිටි ක්‍රිලෝවක මිල රුපියල් 10කින් අඩු කලද  සමහර වෙළදුන් එම සහනය තමන්ට ලබා නොදෙන බවත්.

මෙසේ රජය මගින් අඩු කල පිටි මිල සහනය ලබා නොදිම පිලිබදව විමසිම් කරන විටදි තමන් සතුව පවතින්නේ පැරණි තොග, තමන් අලෙවි කරනුයේ ලංකා පිටි, යනුවෙන් විවිධදේ පවසමින් පැරණි මිලටම මෙසේ පිටි අලෙවි කරන බවද එම පිරිස් පවසති.

මෙවැනි කූට වෙළදුන් පිලිබදව දැඩි අවදායන යොමු කර අහිංසක පාරිභෝගික ජනතාව ගසා එකි වෙළදුන්ට එරෙහිව පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් කඩිනම් පියවර ගත යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

More Stories