ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමේදී මෙරට ජනතාව කිසිදු බියක් ඇතිකර ගත යුතුව නැතැයි, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, යුරෝපා රටවල ගැටලුවක් පිළිබඳ සඳහන් වන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ එක් කාණ්ඩයක් සම්බන්ධයෙන් පමණක් බවත් එම කාණ්ඩයට අයත් කිසිදු එන්නතක් මෙරට ජනතාවට ලබා දී නොමැති බවත් ය.
මේ වනවිට යුරෝපා රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත ලබා දීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
මේ අතර මෙරට එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බවත් COVAX පහසුකම යටතේ ලද එන්නත් වයස අවුරුදු 60 ට වඩා වැඩි පිරිසට ප්‍රමුඛත්වය දී ඉදිරියේදී ලබාදීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසී ය.
අමාත්‍යවරයා එහිදී විශ්වාසය පළ කළේ, ඉදිරි මාස කිහිපය තුළ මෙරට කොරෝනා ව්‍යාප්තිය පාලන මට්ටමකට ගෙන ආ හැකි බවයි.