රට පුරා කොවිඩ් ආසාදිතයන් ව්‍යාප්තියට ප්‍රධාන හේතුව උත්සව සමයේදී අවම වශයෙන් හෝ දිස්ත්‍රික්ක මට්ටමින් සංචරණ සීමා පැනවීමට කටයුතු නොකිරීම බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර ඇත.
සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ සංචරණ සීමා පැනවීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මේවන විට දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහල යමින් පවතින බවයි.
එසේම ඉදිරි සති කිහිපය තුළ මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ ඉඩකඩ පවතින බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.