coronaupdates

අනුරාධපුර නගරයේ පාසලක ඉගෙනුම ලබන පාසල් දැරියක් ඇතුළුව කොවිඩ් 19 වෛයිරසය ආසාධනයවු තවත් රෝගින් 18 දෙනෙකු ඊයේ (4දා)වනවිට හදුනාගෙන තිබනෙ බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

අනුරාධපුර මහවිදීයේ මූල්‍ය ආයතනයක සේවක සේවිකාවන් හත්දෙනෙකු කොවිඩ් ආසාධිතයන් බව හදුනා ගැනිමෙන් පසුව සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂන වලදි නව රෝගින් 18 හමුවි තිබෙනා අතර ඉන් වැඩිම පිරිස වන පුද්ගලයන් 11දෙනෙකු මුල්‍ය ආයතන ආශ්‍රීතයන්ය හා පවුල් වල සාමාජිකයන්ය.

ඊට අමතරව අනුරාධපුර අධ්‍යාපන කළාපයේ පිහිටි ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක ගුරුවරයෙකුටත් කොවිඩ් 19 වෛරසය ආසාධනයවි තිබෙනා අතර මූල්‍ය ආයතන සේවිකාවක් වන ඔහුගේ බිරිද පී.සී.ආර් පරික්ෂණයකට මුහුණදි ප්‍රතිපල ලැබෙන තුරු සිටියදි එම ගුරුවරයා වගකිම් විරහිතව පාසල් පැමිණ මුහුණු ආවරණයක් හෝ නොපලදමින් පාසල් කටයුතු වල නිරතවි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔහු මුහුණු ආවරණය නොමැතිව අනුරාධපුර පිහිටි කළාප අධ්‍යාපන කාර්යාලයට ගොස් තිබෙනා අතර මුහුණු ආවරණ නොමැතිව එහි පැමිණිම නිසා කාර්යාලයට ඇතුළුවීමට අවසර ලැබි නැති බව අනාවරණය විය.ඔහු බිරිද පී.සී.ආර් පරික්ෂණ සිදුකර තිබියදි අමතර පන්ති කිහිපයක් පවත්වා ඇති බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබුණි.

ඊට අමතරව පාසල් දැරියකටත් කොවිඩ් ආසාධනයවි තිබෙනා අතර විජයපුර අනුලාදේවි මාවතේ පදිංචි එකම පවුලේ තිදෙනෙකුටත් කොවිඩ් 19 ආසාධනයවි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එමෙන්ම අනුරාධපුර බන්ධනාගාරයේ සේවයේ නියුතු නිලධාරියෙකු හා සිවිල් ආරක්ෂක බලකායේ නිදහස් සමරුවට පුහුණුවට පැමිණ නීතියගම ඇගළුම් කම්හලේ නිරෝධායනවූ තවත් සෙබළෙකුටත් වෛයිරසය ආසාධනයවි ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.ඒ අනුව සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් 18 දෙනෙකු වෛරසයට ගොදුරුවි තිබේ.

පෙරේදා (03දා) සිදුකළ හදිසි රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 48කින් නව ආසාධිතයන් 18 දෙනා හමුව තිබෙනා අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලින් වාර් ථා වන ආසිධිතයන් සංඛ්‍යාව 365කි.සුවය ලැබූ සංඛ්‍යාව 150කට ආසන්න බව සෞඛ්‍ය අංශ තහවුරු කළේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories