cyber

ශ්‍රී ලංකාවේ දී සයිබර් අවකාශය භාවිත කරමින් සිදුකරන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධව ආයතනයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

රාජ්‍ය ආරක්ෂක, තාක්ෂණ යන අමාත්‍යාංශ, ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය, තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වෘත්තිකයන් ද ඇතුළත් කරමින් සයිබර් අවකාශය හරහා සිදු කරන නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම හා පාලනය කිරීමට මෙම ආයතනය ස්ථාපිත කෙරෙනවා.

එහි පළමු අදියර යටතේ සයිබර් ආරක්ෂණය නියාමනය කිරීම සඳහා පනත් කෙටුම්පතක්ද සම්පාදනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

More Stories