hemantha

කොරෝනා වසංගතය අමතක කර දමා මේ ආකාරයට හැසිරෙමින් කටයුතු කළහොත් ඉදිරි සති දෙකෙන් පසු ඉතා භයානක ලෙස කොවිඞ් රෝගීන් වැඩිවනු ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු අඟවා සිටී.

ඉකුත් සති දෙකේ ජනතා හැසිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙස මේ වනවිට දෛනිකව හමුවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව හත්සියය ඉක්මවා වාර්තාවීමට පටන්ගෙන ඇතැයි ද මෙම සති දෙකෙන් පසු යළිත් දිනකට හමුවන ආසාදිතයන්ගේ ගණන දහස ඉක්මවා යා හැකි බවද ඒ මහතා කීවේය.

මේ වන විට බොහෝ පිරිස් අනවශ්‍ය ලෙස ඒකරාශී වෙමින් සෞඛ්‍ය පුරුදුද අත්හැර දමා සාමාන්‍ය පරිදි හැසිරීමට පටන්ගෙන සිටින බවත්, මෙලෙස කටයුතු කළහොත් අකමැත්තෙන් වුවද යළිත් රට වසා දමන ලෙසට නිර්දේශ කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට සිදුවන බව ද ඒ මහතා කීය.

දැන්වත් මේ තත්ත්වය හරිහැටි තේරුම් ගෙන සියලූදෙනාම තම චර්යාවන් නිවැරදි කරගත යුතු බව ද හේමන්ත හේරත් මහතා කියා සිටියේය.

 

al mashoora news

More Stories