රන් ආභරණ මිලදි ගන්නා මුවාවෙන් ස්වාර්ණාභරන වෙළදසැල් වලට පැමිණ කුඩා දියණිය යොදවා සොරකම් සිදුකරවනා මවක හා පියෙකු අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය  පරික්ෂනයක් අරඹා තිබේ.

අනුරාධපුර බැංකු පෙදෙස මහ වීදියේ රන් ආභරණ වෙළදසැලක් පවත්වාගෙන යන හිමිකරුවෙකු විසින් පොලිස්ථානයට පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනා අතර වයස අවුරුදු අටක් පමණ වන දැරිය පවුම් එකහාමාරක පමණ බරින් යුතු මුද්දක් සොරකම් කරනා අයුරු ආයතනයේ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබේ.

මව පියා වයස අවුරුදු අටක් පමණ වන පාසල් වයසේ පසුවන දැරිය හා අවුරුදු හතරක් පමණ වයසැති දරුවෙකු සමග අදාල පවුල ආයතනයට පැමිණ රන් ආභරණ මිලදි ගන්නා මුවාවෙන් සේවකයන්ගේ අවධානය සූක්ෂමව ගණුදෙනුව සදහා යොදවන අවස්ථාවේ කුඩා දැරිය අසල සිටින සේවකයන්ගේ ඇස්වසා මුද්ද සොරකම් කරනා ආකාරය ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබේ.

සැකකාර පවුල අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක පිහිටි රන් ආභරණ අලවිසැල්ව ආභරණ සොරා ගෙන ඇති බවට පොලිසිය සැකකරනා අතර එක් ස්ථානයක සොරකම සිදුකිරිමට ගිය අවස්ථාවේ එහි සේවකයෙකු දැරිය රන් ආභරණ බහා තිබූ ස්ථානයට අත දමනා අයුරු දැකීම නිසා සොරකම වැලකි ගොස් තිබේ.

සොරකම් සිදුවූ ආයතනයට පැමිණි දැරිය මව පියා රන් ආභරණ මිලදි ගැනීමට මිලගණන් විමසනා අවස්ථාවේ අවස්ථා කිහිපයක්ම රන් මුද්ද සොරකම් කිරීමට දැරිය උත්සහ දරණ අතර උත්සාහය සාර් ථකවූ වහාම ඇය මව තුරුළුට යන අතර වැඩිහිටියන් වහාම එම ස්ථානයෙන් පලායාම සිදුවන අයුරු ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබේ.

ආයතනයේ ගණුදෙනු අවසන්කර තොග ගණනය කිරිමේදි රන් මුදුවක් අඩු බව හැගියාමෙන් පසුව ආරක්ෂිත කැමරා පරික්ෂා කිරිමේදි සොරකම අනාවරණයවි තිබේ.

සොරකම් සිදුකරනා පවුල කුමන ප්‍රදේශයක පදිංචිකරුවන්ද යන්න පොලිසිය අනාවරණය කරගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරික්ෂන සිදුකරයි.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.එම්.විජේසුරිය

More Stories