death

කොවිඩ් ඇදිරිනීති කඩකරමින් අලුත්ගම , කලුවාමෝදර ප්‍රදේශයේ තරුණයින් කණ්ඩායම් දෙකක් දෙතැනක පැවැත්වු මත් පැන් සාදයේ දුරකථන සංවාද දුර දිග ගොස් ඇතිවු ගැටුමෙන් පිහිපාරකට ලක්වු 24 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.

අලුත්ගම,කලුවාමෝදර , දේවල පාර පදිංචිව සිටි ලක්ෂාන් ධම්මික නැමති 24 හැවිරිදි අවිවාහක යෙකු මෙසේ මිය ගොස් තිබේ.මිය ගිය තරුණයා මිතුරන් පිරිසක් සමග පසුගිය 28 දා මත් පැන් සාදයක් පවත්වා ඇත. තවත් තරුණ පිරිසක් තවත් තැනක එවැනිම මත් පැන් සාදයක් පවත්වා තිබේ.මෙම මත් පැන් සාද දෙකේ තරුණ පිරිස් දුරකථනයෙන් ඒ මොහොතේ ඇතිකරගත් සංවාදය ආරවුලක් බවට පත්ව ඇත. එදින රාත්‍රි 11 ට පමණ දෙපිරිස අලුත්ගම පුර්වාරාම පාරේදි හමුව ඇතිවු ගැටුමේදි එක් අයෙකු පිහිපාරට ලක්ව ඇත.

පිහිපාරට ලක්වු තරුණයා සිද්ධිය වසංකර එදින රාත්‍රි තාවකාලික ප්‍රථමාධාර සිදුකර පසුදින දර්ගා නගරයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් තුවාලවලට බෙහෙත් දමා ඇත. පසුව රෝගි තත්වය හේතුවෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුලත්කර එහි ප්‍රථිකාර ලබමින් සිටියදි මරණයට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය විශේෂ පරික්ෂණයක් ආරම්භකර සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට කටයුතු යොදා ඇත.

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

Similar Posts