power

ඉදිරි දින කිහිපයේ දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර දෙනවා ද නැද්ද යන්න පිළිබඳ අද තීරණයක් ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් පසුගිය 27 වැනිදා සිදු කළ සමාලෝචනයෙන් පසු අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කළේ ය.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව අපේක්ෂා කළ පරිදි රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ හොත් කප්පාදුවකින් තොරව විදුලි සැපයුම ලබාදිය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ අක්‍රීය වූ ජනන යන්ත්‍රය අද සිට යළිත් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

එහි ධාරිතාව මෙගාවොට් 300 ක්. මේවනවිට වැඩිම විදුලි ඉල්ලුමක් පවතින පස්වරු 06 සිට රාත්‍රී 09 යි 30 දක්වා කාලය තුළ මෙගාවොට් 300 ක හිගයක් පවතියි.

නොරොච්චෝලේ ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කළ හොත් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.

More Stories