ඩෙල්ටා කොවිඩ් ආසාදිත රෝගීන් හයදෙනකු හමුවූ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දින 10 කට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබේ.
එසේම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සේවක සේවිකාවන්ට අමතරව කොරෝනා වෛරස ආසාදිත සේවක සේවිකාවන් 121කු එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට හමුවී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පවසයි.
බේරුවල හිරිගොඩැල්ල ප්‍රදේශයේ 11 හැවිරිදි පාසල් සිසුවකුට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇත.
කරාපිටිය වෛද්‍ය පීඨය සිදුකළ ජීන් සී කුවින්සි පරීක්ෂණයකදී මෙම පාසල් සිසුවා ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිතයකු බවට තහවුරු වී තිබේ. මේ වන විට මෙම පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා ගාල්ල අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකර ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවැසීය.
මේ වන විට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් 68 දෙනකු මෙරටින් හමු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කරයි.