20 වන සශෝධනය මඟින් රටේ සමස්ත බලය එක හස්තයකට නතු කරගෙන ඇති පසුබිමක සමස්ත රටම අවුල් වී ඇති බව දැන්වත් අප තේරුම් ගත යුතු යයි හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.
නීතියේ ආධිපත්‍යය හා ඒ මඟින් ජනතාවට ලැබිය යුතු රැකවරණය සැළසුම් සහගතව අවතක්සේරු කරමින් ඇත. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයන් අක්‍රිය කරමින් අත්තනෝමතිකත්වය රජ කරවමින් සිටී.
අද මේ රටේ ගොවියාට වගා කිරීමට පොහොර නැත. දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකියාවක් නැත. ධීවරයා අසරණ කර තිබේ.
රාජ්‍ය ආයතන බොහොමයකම විධිමත් ලෙස වැඩ කටයුතු කරන්නේ නැත. සියල්ල තීන්දු කරන්නේත්, මෙහෙය වන්නේත් එකම එක තැනකිනි.