elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක එළවළු තොගවල හිඟයක්ද මේ වනවිට නිර්මාණය වී තිබේ.

වෙළෙඳුන් පවසන්නේ ඉදිරි දින කිහිපයේ තවදුරටත් එළවළු සැපයුම කැපීපෙනෙන ලෙස අඩුවිය හැකි බවය.

ඉකුත් දින කිහිපයේම වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් අඛණ්ඩව ඉහළ ගියේය.

මෙවන් වාතාවරණයක පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයට එළවළු තොග ලැබීම සියයට 40කින් පමණ පහළ බැස තිබේ.

“ගොවි බිම්වලින් එළවළු එන ප්‍රමාණය අඩුයි. අමුමිරිස් 1,300ට විතර යයි. මෙහෙම ගියොත් එළවළු විකුණ ගන්න හම්බවෙන්නේ නෑ. වෙනදට කිලෝ 100ක් 150ක් ගෙනියන තොග වෙළෙඳුන් දැන් ගෙනියන්නේ කිලෝ 10ක් 15ක් වගේ.” යැයි වෙළෙඳුන් පවසයි.

මේ අතර පිටකොටුව පොදු ‍වෙළෙඳ සංකීර්ණයේ බොහෝ එළවළු වර්ගවල මිල ගණන් ඊයේ දිනයේ පැවති මිලටම තිබුණත් අමුමිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 1,000 සිට රුපියල් 1,200 දක්වා ඉහළ ගොස් තිබුණි.

More Stories