coronadelta

කොවිඩ්  19 වයිරස් උණ සහ ඩෙංගු උණ වැනි රෝගවල සැලකිය යුතු වර්ධනයක් ළමුන් අතර පවතින බව පවසමින් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, පාචනය හෝ වමනය වැනි රෝග ලක්ෂණ මතුවුවහොත් පාසල් නොයවන ලෙස සෞඛ්‍ය බලධාරීන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පැවසුවේ දරුවන් නිවසේ තබාගෙන විවේක ගැනීම හොඳම ක්‍රමය බවයි.

දරුවන්ට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, පාචනය, වමනය වැනි රෝග ලක්ෂණ මතු වී ඇත්නම් හෝ ඔවුන් ආහාර ප්‍රතික්ෂේප කරන්නේ නම් හෝ ඔවුන්ගේ හැසිරීමේ යම් වෙනසක් නිරීක්ෂණය කළ හැකි නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සඳහන් කළේය.

සමහර දරුවන්ට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය මත ප්‍රතිදේහජනක පරීක්ෂණයකට හෝ රුධිර පරීක්ෂණවලට භාජනය කිරීමට සිදු විය හැකියි. සමහර ළමයින්ට රෝහල් ගත කිරීමට සිදු විය හැකි අතර තවත් සමහරුන්ට වෛද්‍ය උපදෙස් යටතේ නිවසේ සිට ප්‍රතිකාර කිරීමට සිදුවනු ඇති බවත් ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සහ ජනාකීර්ණ ස්ථානවල ගමන් කිරීම වැළැක්වීම සඳහා සෑම දෙනාම අවධානය යොමු කිරීමේ වැදගත් කම වෛද්‍ය චන්න ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

More Stories