dolfin the leader lk

මුලතිව් – අලම්පිල් වෙරළ තීරයට මියගිය ඩොල්ෆින් මසුන් 9 දෙනෙකුගේ සිරුරු ගොඩ ගසා ඇති බව වනජිවි නිලධාරින් පවසනවා.

ධීවරයින් කළ දැනුම්දීමකට අනුව මෙම ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ සිරුරු සොයා ගෙන ඇති අතර, ඒවා අලම්පිල් මුහුදු වෙරළේ කිලෝමීටර් 2 ක වපසරියක විසිරී තිබූ බව සඳහන්.

මියගොස් සිටි මත්ස්‍යයින් අඩි 2 ත් අඩි 6 ත් අතර වන අතර, එම මත්ස්‍යයින්ගේ සිරුරු තුල ප්ලාස්ටික් කැබලි පැවති බව ද, වනජිවි නිලධාරින් ප්‍රකාශ කළා.

වැඩිදුර විමර්ශන සඳහා මෙම සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතයි.

Similar Posts