solor

2024 මුල් භාගය වන විට ශ්‍රී ලංකාවේ වහලය මත සූර්ය බලශක්ති උත්පාදනය ධාරිතාව මෙගාවොට් 750 ඉක්මවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. පියැසි මත සවිකරන සූර්ය පැනැල මඟින් ද සූර්ය බලය ලබා ගැනීමේ ක්‍රමවේදයට පාරිභෝගික ජනයාව ද සම්බන්ධකරගෙන ඇත. ඒ අනුව පියැසි මත ස්ථාපනය කරන ලද සූර්ය පැනල මඟින් 2024 මාර්තු 31 වන විට විදුලි ඒකක මිලියන 176ක් ජාතික පද්ධතියට එක් කර ඇත.

පියැසි මත සූර්ය විදුලිබල නිෂ්පාදනය සඳහා ක්‍රමවේද හතරක් මේ වන විට ක්‍රියාත්මක වේ.

1. ශුද්ධ මනුකරණ ක්‍රමය (Net Metering)

2. ශුද්ධ ගිණුම්කරණ ක්‍රමය (Net Accounting)

3. නෙට් ප්ලස් ක්‍රමය (Net Plus)

4. නෙට් ප්ලස් ප්ලස් (Net Plus Plus)

ඒ අනුව රට පුරා විසිරි සිටින බොහෝ පිරිසක් මේ අයුරින් විදුලි උත්පාදනය කිරිමේ ක්‍රම වේදයට සහයෝගය ලබා දෙමින් ජාතික පද්ධතියට විදුලිය විකිණීමට පාරිභෝගිකයන් යොමු වී ඇත. මෙය පරිභෝජනයෙන් විදුලි ජනනයට යොමු වීමක් (Change from consumer to Pro-Sumer) ලෙස පෙන්වා දිය හැක.

විදුලි පාරිභෝගික භවතුන් ලංකා විදුලිබල මණ්ඩලය සමඟ එක් වී මෙලෙස පුනර්ජනනීය බලශක්තිය නිපදවීමේ කාර්‍ය පරිසර හිතකාමි වන අතර කාබන් විමෝචනය අවම වීමත් දේශගුණික විපර්‍යාස අවම වීමත් ආනයනික පොසිල ඉන්ධන මත පදනම්ව සිදු කරන බලශක්ති ජනනනය අවම කරගැනීම මගින් විදේශ විනිමය ඉතිරි කිරීමට ද මෙම මෙයින් ඉඩහසර විවර වේ.

සමකය ආසන්න පිහිටා ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවට සූර්ය ශක්තිය නිරන්තරයෙන් ලැබීම හේතු කොටගෙන රට තුළම සූර්ය බලශක්තිය මගින් විදුලිය උත්පාදනය කිරීමේ අවස්ථාව සාපෙක්ෂව ඉහළ මට්ටමක පවති. මෙයින් ආර්ථික වාසියක් මෙන්ම බොහෝ පාරිසරික ගැටලුවන්ට පිළියමක් ලෙස රාජ්‍ය බලශක්ති ප්‍රතිපත්තියට අනුව වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම ශ්‍රී ලංකා රජයේ අරමුණ වී ඇත.

සාමන්‍ය‍යෙන් අප රටට දෛනිකව පැය 5 ½ ක පමණ හොඳින් සූර්යාලෝකය ලැබෙන්නේ යැයි අධ්‍යයනයන් මගින් හඳුනාගෙන ඇත. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශය යන දේපාර්ශවයෙන්ම භූමියමත ස්ථාපනය කරන මහා පරිමාණ සූර්ය බලාගාර ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම සිදු කරයි.

මේ ආකාරයෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් තුළින් විදුලි උත්පාදනය කිරීමෙන් තාප විදුලි බලාගාර මගින් විදුලි උත්පාදනය අවම වන අතර මෙම ශත වර්ෂය මැද භාගය පමණ වන විට ගල් අඟුරු ගෑස් ආදී පොසිල ඉන්ධන භාවිතය අවම වනු ඇත.

චේතනා ගෝමිස් විසිනි

aithiya

Similar Posts