භාරත ලක්ෂ්මන් ඝාතන සංසිද්ධියට වරදකරුවී මරණ දඬුවම හිමිව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදී තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශේෂ බලතල මත මිනීමැරුමක් සිදු කර තිබුණද ඔහුට නිදහස හිමිව ඇති අතර ඔහු අද පොසොන් පොහොය දිනයේ නිදහස් කර හැරය සිරකරුවන්ගේ නම් අතර සඳහන් කෙරිණි.

අද දින සමාව ලද දුමින්ද සිල්වා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් අනතුරුව නිදහස් කිරීමට කටයුතු කෙරෙනු ඇති බව බන්ධනාගාර ආරංචි වාර්තා කළේය.

gossiplankanews

More Stories