eliphent

ශ්‍රී ලංකාවේ සිටින හීලෑ අලි ඇතුන් ප්‍රමාණයෙන් හරි අඩකටත් වඩා පෞද්ගලික අයිතිකරුවන් සතු බව හෙළි වී තිබේ.

වනජීවී අමාත්‍යවරයා පවසන්නේ  මෙරට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 210 වන අතර එයින් 102ක් ජාතික සත්වෝද්‍යාන සතු වන අතර ඉතිරි 108 දෙනා පෞද්ගලික හිමිකාරිත්වය සතු බවය.

වනජීවී අමාත්‍ය සී බී රත්නායක මහතා ඊයේ ( 22)   පාර්ලිමේන්තුවේදී ඒ බව සදහන් කළේ වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත් කෙටුම්පත යටතේ නියෝග කිහිපයක් සම්බන්ධයෙන් විවාදය ආරම්භ කරමිනි.

පෞද්ගලික හිමිකාරිත්වය යටතේ සිටි අලි ඇතුන් 49 දෙනෙකු පිළිබදව පසුගිය රජය අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන තිබුනි.

අලි ලියාපදිංචිය විධිමත් කිරීම සහ නව නීති රීති සම්පාදනය සහ සුභ සාධනය සඳහා 2020 වසරේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව රජය පවසයි.

පසුගිය රජය මගින් අධිකරණ ක්‍රියාමාර්ග යටතේ දීර්ඝ කාලයක් තිස්සේ එකම ස්ථානයේ රඳවා තැබීම නිසා එම අලි ඇතුන්  මෙන්ම එම සතුන්ගේ හිමිකරුවන්ද පීඩාවට ලක්ව ඇති බවත් අමාත්‍යවරයා  සඳහන් කර තිබේ.

ඉදිරියේදී මෙවැනි සිද්ධි ඇති නොවීම සඳහා, අලි ඇතුන් විධිමත් පරිදි ලියාපදිංචි කිරීමට ඉදිරියේදී නව නීතිරීති සකස් කරන බවත් හීලෑ අලි ඇතුන් සඳහා නව නියෝග මාලාවක් සකස් කරන බවත්  අමාත්‍යවරයා සඳහන් කර ඇත.

More Stories