මින්නේරිය නගරයේ  තොග වෙළදසැලක ඇති වූ ගින්නකින් එම වෙළදසැලේ භාණ්ඩ හා ගොඩනැගිල්ලට බලවත් අලාභයක් සිදුව ඇතැයිද තමවත් එහි අලාභය ගණනය කර නැතැයි ද මින්නේරිය පොලිසිය කියයි.

මෙසේ ගිනිගෙන ඇත්තේ මින්නේරිය නගරයේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පිහිටි නදීශා ස්ටෝර්ස් නම් වෙළද සැලයි.

පොලිසිය පවසන අන්දමට  ඒ අසලින් මාර්ගයේ ගමන් ගත් ලොරි රථයකින් ඉන්ධන පිරවුම් හලේ සේවකයෙකුට ඉදිරි පස වෙළදසැලෙන් දුමක් යන බවට පවසා ඇති අතර ඔවුන් පොලිසියට හා එම වෙළදසැලේ හිමිකරුවන් ට දැනුම් දීමෙන් පසු පොලිසිය,නාගරික ප්‍රජාව යුධ හමුදාව එක්ව ගින්න මැඩපැවැත්වීමට විශාල පරිශ්‍රමයක් ගත් හ.

ගිනි නිවීමේ හමුදාවද කැදවා උදෑසන වන විට තත්ත්වය පාළනය කළ හැකි වූ බවත් විදුලි කාන්දුවකින් මෙම ගින්න හට ගැනීම සිදුවන්නට ඇතැයි සැකකරන බවත් මින්නේරිය පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසීය.පින්තූරවලව දැක්වෙන්නේ  ගිනි නිවීමේ අවස්ථා කිහිපයකි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories