ඉන්ධන පිරවුම්හල් අසල පවතින දිගු පෝලිම් අද දිනයෙන් අවසන් වනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි සභාපති පැවසුවේ රටතුළ මේ වන විට ඉන්ධන හිගයක් නොමැති බව ජනතාවට මේ වන විට වැටහී ඇති බවයි.
ලබන මාසය දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.