gajamuthu

දළ ඇතෙකුගේ බව කියන ගජමුතු දෙකක් රුපියල් කෝටි පහක මුදලකට පොලිස් උපාය දූතයෙකුට විකිණිමට උත්සහ කළ ගොවිජන සේවා කෘෂිකර්ම පර්යේෂන නිෂ්පාදන සහකාර නිලධාරියෙකු යුද හමුදා සෙබළෙකු ඇතුළු පස් දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් කැබ් රථයක් සමග සැකපිට  අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර් ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර විජේකොන් මහතාගේ උපදෙස්මත කැකිරාව පොලිස්වසමේ මරදන්කඩවල වනමල් උයන ප්‍රදේශයේදි සැකකරුවන් පස්දෙනා සමග කැබ් රථය අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අතර කැකිරාව පළුගස්වැව ගොවිජනසේවා කෘෂිකර්ම පර්යේෂන නිෂ්පාදන සහකාරවරයෙකු යුදහමුදා සෙබළෙකු විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකු උප පොලිස් පරික්ෂකවරයෙකුගේ පුත්‍රයෙකු හා වෛද්‍යවරියකගේ සැමියෙකු වන ව්‍යාපාරිකයෙකු සිටිනා බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු බවට සැකකරන උප පොලිස් පරික්ෂකවරයාගේ පුත්‍රයාගේ පෙම්වතිය බව කියන කැකිරාව සදගල්පාය ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යාවක් වන 17 හැවරදි තරුණිය සිය නිවසේ තිබි ගජමුතු දෙක ලබාදි තිබෙන බවත් තරුණයා විසින් ගජමුතු දෙක අලවිකිරිමේ කටයුත්තට සෙසු පිරිස සහභාගිකර ගෙන තිබෙනා බවත් පොලිසිය පවසයි.

තරුණියගේ නිවසේ තිබි ලබාගත් බව කියන ගජමුතු දෙක රුපියල් කෝටි පහකට අලවිකිරීමට ඔවුන් සූදානම්කර තිබුණත් පොලිස් උපය දූතයා එය පරික්ෂාකර බලා රුපියල් කෝටි තුනහමාරකට මිලදි ගැනීමට කැමත්ත පලකිරීමත් සමග ඔවුන් ඊට කැමතිවි ගජමුතු රැගෙන මරදන්කඩවල වනමල් උයනට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

උප පොලිස් පරික්ෂකවරයාගේ පුත්‍රයා නුවර ප්‍රදේශයේ පැවත්වෙන අමතර පන්තියකදි 17 හැවරදි තරුණිය හමුවි පෙම්සබධතාවක් ඇතිකර ගෙන තිබෙනා බවත් ඇය නිවසේ වටිනා ගජමුතු දෙකක් තිබෙනා බව පැවසීමත් සමග ගණුදෙනුව ආරම්භවි ඇති බව පොලිසිය පවසයි.අත්අඩංගුවටගත් ගජමුතු පරික්ෂා කිරිමේදි ඒවා ඇතෙකුගේ දළතුල වැඩුනු ඒවා බවට සැකකළ හැකි ලක්ෂන තිබෙනා බව පොලිසිය පවසයි.

සැකකරුවන් අතර සිටින පුද්ගලයන් වයස අවුරුදු 20 හා 48 අතරේ පසුවන්නන් වන අතර ඔවුන් කැකිරාව පළුගස්වැව ඔළුකරද සදගල්පාය බකමූණ හා මරදන්කඩවල පදිංචිකරුවන්ය.තරුණයාට ගජමුතු ලබාදි ඇත්තේ 17හැවරදි තරුණියද යන්න නිවැරදිව අනාවරණය කරගෙන ඇය අත්අඩංගුවට ගැනීමට පරික්ෂනයක් සිදුකරනා බව පොලිසිය පවසයි.

අත්අඩංගුවටගත් සැකකරුවන් පස්දෙනා වැඩිදුර පරික්ෂන සදහා කැකිරාව පොලිස්ථානයට බාරදි තිබෙනා අතර ඔවුන් ඊයේ (24දා) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස්මත අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරික්ෂක අළුත්ගෙදර උප පොලිස් පරික්ෂක තිළිණ පොලිස් සැරයන්වරුන් වන නුවන් 54904 මංජුල 53403 බාලසූරිය 7682 පොලිස් කොස්තාපල් චතුරංග 12406 හා පොලිස් කොස්තාපල් රියදුරු ගුණවර් ධන 91959 යන නිලධාරින් වැටලීම සිදුකර තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories