මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට මාර්ගය නැවත ගිලා බැසිමේ අවදානමකට ලක් විමත් සමග එම මාර්ග කොටස වසා දැමිමට ගිනිගත්හේන පොලිසිය මගින් පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශයට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් 06වන දින  සවස් කාලයේ සිට ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට නුවර මාර්ගය ගිලා බැසිමේ අවදානමකට ලක්ව ඇති බවත්ය.

මෙම මාර්ගය මෙයට පෙරද ගිලා බැසිමකට ලක්වු බවත් එම ගිලා බැසිමේදි එහි වෙලද සැල් කිපයක්ද විනාශයට පත්වු බවත් මේ වන විටද එම මාර්ගය දැඩි ලෙස ගිලා බැසිමේ අවදානමකට ලක්ව ඇති බවත් එම තත්වයන් මත එම මාර්ගයේ රථ වාහන ධාවනය නතර කිරිම සදහා එම මාර්ග කොටස වසා දැමිමට පියවර ගෙන ඇති බවත්ය.

මෙම මාර්ග කොටස වසා දැමිමත් සමග හැටන් සිට නාවලපිටිය, මහනුවර දක්වා ගමන් කරන රථ වාහන කොළඹ මාර්ගය ඔස්සේ ගිනිගත්හේන බස් නැවතුම්පල හරහා නුවර මාර්ගයට ගමන් කල හැකි බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories