මස්කෙළිය ප්රාදේශීය සභාවේ උප සභාපතිවන හා ශ්රීලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්රික් සංවිධායක පෙරියසාමි ප්රදිපන් මහතාට සභා රැස්විම අතරතුර එල්ලවු විදුරු ප්රහාරයකින් තුවාල ලැබිමෙන් පසු ප්රදිපන් මහතා ප්රතිකාර සදහා මස්කෙළිය ප්රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.
මස්කෙළිය ප්රාදේශීය සභාවේ සභාපති ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මියගේ (ලංකා කම්කරු කොංග්රසය) ප්රධානත්වයෙන් මස්කෙළිය ප්රාදේශිය සභාවේ මාසික රැස්විම පැවති අවස්ථාවේදි මස්කෙළිය නගරය තුල සිදු කරනු ලබන අනවසර ඉදිකිරිම් පිලිබදව ඇතිවු වචන හුවමාරුවක් අතර තුරදි එම සභාවේම තවත් මංත්රිවරයක් විසින් එල්ල කරන ලද විදුරු පහාරකින් ප්රදිපන් මහතා තුවාල ලබා මෙසේ රෝහල් ගත කර ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ප්රදිපන් මහතා පවසන ලද්දේ මස්කෙළිය නගරය තුල සිදුවන අනවසර ඉදිකිරිම් පිලිබදව සභාව රැස්විමේදි කරන ලද විමසිම් මත ඇතිවු අරවුලක් අතරතුරදි ආන්ඩු පක්ෂයේම මංත්රිවරයක් තමන්ට විදුරුවකින් පහාර දුන් බවත්ය.
මෙම පහාර දිමත් සමග මස්කෙළිය ප්රාදේශීය සභාවේ සභාපතිනිය විසින් සභා රැස්විම දින නියමයක් නොමැතිව කල් දැමිමට පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය ප්රෙදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ තුවාලකරුගේ තත්වය බරපතල නොවන බවත් ඔහු මේ වන විට රෝහලේ නේවාසිකව ප්රථිකාර ලබන බවත්ය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්