Good Friday

කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදයි.

මහා සිකුරාදා යනු, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරියෙහි එතුමන්ගේ මරණය සිහි කෙරෙන ක්‍රිස්තියානි ආගමික නිවාඩු දිනයකි.

අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ ලොව පුරා කිතුනු බැතිමතුන් යැදුම්, උපවාස, පුන්‍ය ක්‍රියා සිදුකරමින් එය භක්තියෙන් මෙනෙහි කරනු ලබයි.

ජේසුස් වහන්සේ කුරුසපත්වීම හා කල්වාරියේ දී උන්වහසේට මුහුණපෑමට සිදු වූ මරණය පිළිබඳ සිහිපත් කිරීම ලොව පුරා කිතුනු බැතිමතුන් මෙම දිනයේදි සිදු කරනු ලබනු ඇත.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත කිතුණුවන් අද නිවෙස්වල සිටම මහසිකුරාදා දිනය සැමරීම විශේෂත්වයක්.

ඒ සඳහා සියලු කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වීම කිතු දහමේ සම්ප්‍රදායයි.

Similar Posts