ජනාධිපතිවරයා හා රජය ඉවත්විය යුතු බවට බල කරමින් ගාලු මුවදොර පිටියේ ආරම්භ කෙරුණු නිර්පාක්ෂික අරගලයට අදට (28) දින 50 ක් සම්පූර්ණ වේ.

ඒ වෙනුවෙන් සංවිධානය කරන නිර්මාණාත්මක විරෝධතා ඇතුළත් පා ගමනක් කොල්ලුපිටිය ලිබර්ටි මංසන්ධියේ සිට ගාලුමුවදොර ගෝඨා ගෝ ගම දක්වා අද පස්වරු 2.00 ට පැවැත්වේ.

අරගලකරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පස්වරු 2 ට කළු කොඩියක් රැගෙන ගාලූමුවදොර අරගල භූමියට හෝ ළගම ඇති නගරයට පැමිණෙන ලෙසයි.

ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත්වන ලෙස බලකිරීම ගාලුමුවදොර අරගලයේ ප්‍රධාන තේමාව වුණා. මෙම අරගලයට ලක්‍ෂ සංඛ්‍යාත පිරිස් එක්වූයේ කිසිදු පක්‍ෂ, පාට, ජාති, ආගම් භේද මෙන්ම ස්ත්‍රී පුරුෂ හා වයස් සීමාද අභිඹවා යමින්.

ඉකුත් අප්‍රේල් 9 වනදා සිට දිවා රාත්‍රී නොබලා අව්වැසිද නොතකා අරගලකරුවන් අදත්, 50 වන දිනටත් අරගලයේ නිරත වනවා. විටෙක මැර ප්‍රහාර මෙන්ම තර්ජන ගර්ජන එල්ල වුවද අරගලය නතර වූයේ නැහැ.

අද පස්වරු 06.30 ට ගාලුමුවදොර පිටියේදී විරෝධතා සංගීත – සංස්කෘතික ප්‍රසංගයක්ද පැවැත්වීමට නියමිතයි.

More Stories