arest

හෙරොයින් ඉරීම සදහා මුදල් උපයා ගැනීමට කාන්තාවන්ගේ රන්මාල කොල්ලකෑ සේවයෙන් නෙරපු ගුවන් හමුදා සෙබළෙකු සහ සහයකයා වන කාර්මිකයෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ඒකක ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරින් පිරිසක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

රන්මාල කොල්ලකෑම දින දින ඉහළ යෑම නිසා වහාම කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනා ලෙස අනුරාධපුර කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා පොලිස් කණ්ඩායමට ලබාදි තිබූ නියෝග වලට අනුව සිදුකළ පරික්ෂණ වලින් අනතුරුව සැක දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් දෙදෙනා කොල්ලකෑමට යොදාගත් කාන්තා යතුරු පැදිය පොලිසිය නඩු භාණ්ඩ වශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනා අතර හෙරොයින් පානයට මුදල් උපයා ගැනීමට කොල්ලකෑම් සිදුකරනා බව ඔවුන් පොලිසියට පවසා තිබුණි.

මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා ගුවන් හමුදා සේවයෙන් නෙරපු සෙබළාව කහටගස්දිගිලිය රන්පත්විල පිහිටි නිවසේදි අත්අඩංගුවට ගෙන තිබූ අතර කාර්මික තරුණයා හෙරොයින් ජාවාරම සම්බන්ධ චෝදනාවකට අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටියදි ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.සැකකරුවන් දෙදෙනා විසින් මිහින්තලය ගල්කුලම මාර්ගයේ පෙට්ටි කඩයක් පවත්වාගෙන යන 52 හැවරදි කාන්තාවකගේ ගෙල බැදි රුපියල් හැත්තෑ පන්දහසක් පමණ වටිනා රන්මාලය ඉකුත්දා කොල්ලකා පලාගොස් තිබූ බව පොලිසිය පවසයි.

කාන්තාව මාර්ගය අයිනේ පෙට්ටි කඩයක් පවත්වා ගෙන යන බවත් සැකකරුවන් මාර් ගයේ ගමන් කරමින් සිටියදි පෙට්ටි කඩය පවත්වාගෙන ගිය කාන්තාවගේ ගෙලෙහි රන් මාලයක් තිබෙනු දැක ඇති බව පොලිසිය කියයි.

වහාම ක්‍රියාත්මකවු කොල්ලකරුවන් දෙදෙනා එම ස්ථානයට පැමිණ තැඹිලි ගෙඩි දෙකක් පානය කර ඇයට මුදල් ලබාදි ඇති බවත් ඒ අවස්ථාවේ ඇය මුදල් ලබාගෙන ඉතිරි මුදල් ලබාදීමට ගෙල පහතට හෙලනවාත් සමගම කොල්ලකරුවන් ඇගේ රන්මාලය කොල්ලකා පලාගොස් තිබෙන බව පොලිසිය පවසයි.

පැමිණිලිකාරිය ලබාදුන් තොරතුරුවලට අනුව සිදුකළ පරික්ෂණ වලදි සැකකරුවන් දෙදෙනා කොල්ලකෑ රන්මාලය අනුරාධපුර නගරයේ පිහිටි රන් ආභරණ වෙළදසැලකට විකුණා තිබියදි පොලිසිය සොයාගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනාම මීට පෙර කොල්ලකෑම් වලට හා හෙරොයින් සම්බන්ධ චෝදනාවන්ට පොලිස් අත්අඩංගුවට පත්වි අධිකරණයේ නඩු විභාග වන බවත් වයස අවුරුදු 28-22 වියේ පසුවන සැකකරුවන් දෙදෙනා ඊයේ (18දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ඒකක ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී.එස්.චන්ද්‍රසිරි පොලිස් සැරයන්වරුන් වන නිෂාන්ත 37057 කීරවැල්ල 32236 ප්‍රියන්ත 58280 හා රාජරත්න 66934 යන නිලධාරින් එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories