elawalu digital backpack

එලවලු මිල අහාස උසට ඉහල යාමත් සමග මෙම ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ජනතාව පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ එලවලු මිල අහාස උසට ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මේ වන විට හැටන් නගරයේ තක්කාලි ක්‍රිලෝව රුපියල් 900ත් 100ත්, බෝංචි ක්‍රිලෝව රුපියල් 460ත් 480ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 550ත් 600ත්, වම්බටු ක්‍රිලෝව 380ත් 400ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 300ත් 340ත්, පලා මිටිය රුපියල් 50ත් 60ත්, අතර මිලකට අලෙවි වන බවද එම පිරිස් තව දුරටත් පවසති.

මෙම තත්වයන් පිලිබද කරන ලද විමසිම්වලදි අදහස් දක්වන නගරයේ එලවලු වෙලදුන් කිප දෙනකුම පවසනුයේ මේ වන රට තුල පවතින ඉන්දන හිගය ඉන්දන මිල ඉහල යාමත් සමග ප්‍රවාහන ගාස්තු ඉහල යාමෙන් මෙන්ම පොහොර ප්‍රශ්න මත එලවලු හිග විමෙන් එලවලු තොග මිල ගනන් දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

එලවලු මිල දැඩි ලෙස මෙසේ ඉහල යාමත් සමග එලවලු අලෙවියද දැඩි ලෙස පහල බැස ඇති බවත් මෙම තත්වයන් මත ප්‍රදේශයේ පාරිභෝගිකයන් මෙන්ම තමන්ද දැඩි දුෂ්කර තත්වයන්ට පත්ව ඇති බවද ඔවුන් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories