gossip hot news today sinhala

හැටන් දුඹුරුගිරිය උඩ කොටස මාර්ගයේ කොටසක් මේ වන විට දැඩි ලෙස අබලන් තත්වයේ පැවතිමත් සමග එම ප්‍රදේශයේ ඡන්දදායකයෝ විවිධ පීඩාවන්ට පත්ව ඇත.
මෙම මාර්ග කොටසේ තැන තැන වලවල් හැරිමත් සමග වැසි දිනවල මෙම මාර්ග කොටස කුඩා ජලාශයක් බවට පත් වන බවත් මෙම තත්වයන් මත තමන් හා පාසල් යන තම දරුවන් දැඩි දුෂ්කරථාවයන්ට පත්වන බව එම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති.
අබලන් තත්වයේ පවතින මෙම මාර්ග කොටස නවිකරනය කර දිමට පියවර ගන්නා ලෙස අදාල නිලධාරින්ගෙන් අවස්ථා කිපයකදිම ඉල්ලිම් කලද මේ වන තෙක් මෙම මාර්ග කොටස නවිකරනය කර දිමට පියවර ගෙන නොමැති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

 

Similar Posts