vat

වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට යෝජනා කර ඇති වැට් බද්දෙන් සහ විදුලි සන්දේශ බද්දෙන් වැඩි බදු බරක් පැටවෙන්නේ පහළ ආදායම් ලාභීන්ට බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

එම පිරිසේ ආදායමේ ප්‍රතිශතය අනුව බදු බරෙහි වැඩි ප්‍රමාණයක් අඩු ආදායම්ලාභීන්ට ගෙවීමට සිදුවනු ඇති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.

එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 08 සිට 12 දක්වාත්, සියයට 11 යි දශම 05 ක් වන විදුලි සංදේශ බද්ද, සියයට 15 දක්වාත් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට මේවනවිට යෝජනා වී ඇත.

More Stories