lanka gossip

පාන් පිටි ගෑස් ඉන්ධන මිල ඉහල යාමත් සමග  හෝටල් හා බේකරිවල කෑම වර්ග මිල දැඩි ඉහල යාමෙන් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇතැයි බොහෝ පිරිසක් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට පාන් ගෙඩියක් රුපියල් 150ත් 170ත් බනිස් ගෙඩිය රුපියල් 50ත් 65ත් එලවලු රොටියක් රුපියල් 65ත් 75ත් බිත්තර රොටිය රුපියල් 100ත් 120ත් රෝල්ස් පැටිස් ෆේස්ටි වැනි කෙටි කැම රුපියල් 60ත් 70ත් අතර මිල ගනන් වලට සමහර හෝටල් හා බේකරිවල අලෙවි කරන බවත්ය.

මෙම ආහාර වර්ගවල මිල මෙසේ ඉහල යාමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට ඇති බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසන අතර මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන  හෝටල් හා බේකරි හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ කෑම වර්ගවල මිල මෙසේ ඉහල යාමත් සමග තම හෝටල් හා බේකරිවලට පැමිනෙන පාරිභෝගිකයන් අඩුවිමත් සමග තම දෛනික වේලදාම්ද දැඩි ලෙස පහල බැස ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

More Stories